හැමදාම සබන් අත ගැන ඔයා දන්නවාද ලෝකේ මුලින්ම සබන් හැදුව හැටි. සබන් වල ඉතිහාසය මෙන්න.

ඔයත් හැමදාම සබන් භාවිත කරනවා ඇති…මොකද මේ වෙනකොට සබන් භාවිත නොකරන කෙනෙක් නැති තරම්. පාට පාට වර්ණයෙන් වගේම වෙනස් සුවඳින්, හැඩයෙන් බිඔහෝ සබන් වර්ග වෙළඳපොළට පැමිණෙනවා.

කොහොම උනත් සබන් ලෝකෙට හඳුන්වා දුන්නේ කව්ද? ඒවා මුලින්ම හැදුවේ කොහොමද? අද සබන් හදන්න කොහොමද? මෙන්න සබන් ගැන ඔයාට පුදුම හිතෙන කතාවක්…පහත වීඩියෝව බලන්නකෝ.

පරක්කුවෙලා වැඩට එන සේවකයන්ට රුපියල් දාහක් දඩගහපු ව්‍යාපාරික ලොවේ දැවැන්තයා.

වෙනස් විදියට හිතුවොත්, වෙනස් දේවල් ක‍ළොත් ජීවිතය ජයගන්න එක අමාරු වැඩක් නෙවෙයි. මේ කියන්න යන්නෙත් ඒ වගේ කෙනෙක් ගැන. මේ අපේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්ත නාමයක් වන කෙන් බාලේන්ද්‍ර මහතාගේ කතාවයි.

‍‍මෙරට ව්‍යාපාර නායකයන්ගේ ලෝකයේ, බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ ජ්‍යෙෂ්ඨයා ඔහුය. තවමත් ක්‍රියාකාරීව, නායකත්වයේ මෙහෙවරෙහි යෙදෙයි. කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයකි. චරිතයකි. නායකත්වයට පූර්වාදර්ශයකි. ජාත්‍යන්තරයට ගිය ශ්‍රී ලාංකිකයෙකි. ඔහු පිළිබඳ සෙවීම, විමසීම, අධ්‍යයනය කිරීම යනු දැනුම් සම්භාරයක් ලබා ගැනීමයි. සම්මුඛ සාකච්ඡාවක් ගැනීම උගහට වුවද එය අත් නොහළේ ද එබැවිනි.

පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා.

කෙන් බාලේන්ද්‍ර නම් දැවැන්තයා ඇතුළේ තව කවුද ඉන්නෙ…

සතුටින් හිනාවෙලා ඉන්න සරල මනුෂ්‍යයෙක්. හරියි කියලා හිතෙන දේ නොබියව කරන, මහන්සිවෙලා වැඩකරන, තමන් එක්ක වැඩකරන මිනිස්සුන්ව බලා ගන්න බොහොම ආදරණීය මනුෂ්‍යයෙක්.

මොනවද අද ඔබ මේ රටට කරන්නේ…

දැවැන්ත සමාගම්, බැංකු මොන තරම් කතා කළත් මං පඩියට වැඩ කරන එක නැවැත්තුවා. දැන් මං වැඩ කරන්නෙ, වෘත්තීය පුහුණු හා නිපුණතා අමාත්‍යාංශය යටතේ කෙරෙන වැඩසටහන්වලට විතරයි. ඒ, එක සතයක් හෝ නොගෙන. වෘත්තීය පුහුණුව රටේ ආර්ථිකයට ප්‍රබලව බලපාන සාධකයක්.

ඔබේ විශේෂඥ දැනුම තිබෙන්නේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ. ඇයි වෘත්තීය පුහුණුවට යොමු වුණේ…

තෘප්තියට. අද අපේ රටේ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා මිලියනයකට වඩා තිබෙනවා. පුහුණු ශ්‍රමිකයන් නැහැ. ඉදිකිරීම්වලට පිටරටින් සේවකයො ගේන්න වෙලා. තරුණ අය ත්‍රිවිල් පදවමින් වයසට යනවා. ලංකාවට කෝ තරුණ ශ්‍රමය. තරුණ ජවය. වෘත්තීය පුහුණුවට තියෙන ඉල්ලුම ලෝකෙ අති විශාලයි. අපේ තරුණ පරපුරට මං මුලා නොවී හොඳ රැකියාවක් කරන්න සහ ආර්ථිකය හදාගන්න අත්වැලක් වෙන්නයි මං මේ වැඩේට බැස්සේ.

ඔබ දැක්මක් ඇති නායකයෙක්. (Visionary Leader). ඒ නායකත්වය ඔබේ අනුගාමිකයන්ට දුන්නෙ කොහොමද…

හොඳම උදාහරණය අද ජෝන් කීල්ස් සභාපති සුසන්ත රත්නායක මහත්මයා. නියෝජ්‍ය සභාපති, අජිත් ගුණවර්ධන මහත්මයා. හැකියාවන්ගෙන් පිරිපුන් තරුණ විධායක නිලධාරින් සමඟ ඒ කාලෙ මං ‘2020 Team’ එකක් හැදුවා. මේ දෙන්න ම ඒ ටීම් එකේ අය. නොබියව කතා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලය විවේචනය කිරීම… වගකීම… වගවීම, කණ්ඩායමෙන් බැහැර යන අය නැවත කණ්ඩායම තුළට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම වැනි පොදු අරමුණු ගණනාවක් මේ 2020 ටීම් එකෙන් නිරන්තර සිදුවුණා. ඒ හරහා නායකත්වය සඳහා අඛණ්ඩව අනුගාමිකයන් බිහිවුණා. ඔවුන්ගේ සිතිවිලි සෑම විටම සාමූහිකයි. ඒ වගේ ම, ආයතනික කේන්ද්‍රීයයි.

ඔබට අනුව හොඳ නායකයෙක් වෙන්නේ කොහොමද…

නායකයා යනු, විල්ලුද රෙදි කඩකින් එතූ යකඩයක්. කාරුණිකව කටයුතු කිරීම වගේ ම අවශ්‍ය තැනදි ඔහු තදට සිටිය යුතුයි. ඔහුට ප්‍රතිඵලයයි, මූලික. ආයතනික අරමුණු ඉලක්ක අබිබවා යන ආකාරයයි ඔහු නිතර සිතිය යුතු. තමන්ගෙ නිෂ්පාදන හෝ සේවාවේ විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම, තමන්ගේ සමස්ත සේවක මඩුල්ල කොයි තරම් විශාල වුවත් ඔවුන් තමන්ගෙ දැක්ම තුළ රඳවා ගැනීම අතිශය වැදගත්. සේවකයන්ගෙන් බලාපොරොත්තු වන විනය ඔහු තුළත් තිබිය යුතුයි. මේ වගේ කාරණා බොහෝමයක් තිබෙනවා.

හොඳ නායකයෙක් නොකළ යුතු දේ මොනවද…

සේවකයන් හා ගනුදෙනුවේදි පාවිච්චි කරන වචන උඩින් පල්ලෙන් අතපත ගෑ වදන් නොවිය යුතුයි. හරවත් දේ හැර මුසාබස් නොකිව යුතුයි. සේවකයන් රැවටීම, හංගාගෙන කතා කිරීම, ලොකුකම ආරූඪ කර ගැනීම ඔහුට තරම් නොවන දෙයක්. කිසියම් ප්‍රධානියකුට තමන්ගෙ සේවකයන්ට හිනාවකින් හෝ සංග්‍රහ කිරීමට නොහැකි නම් ඔහු සේවකයන්ගේ හිත්වලින් ඈත් වන්න පටන් ගන්නෙ එතැනින්. ඔහු අනවශ්‍ය ලෙස සතුරන් ඇති නොකර ගත යුතුයි. වංචා නොකළ යුතුයි. කේළම් ඇසුවොත් සමහර විට ඔහු නැති කර ගන්නෙ තමන්ගේ හොඳම සේවකයා. ඒ වගේ ම අනවශ්‍ය කාන්තා ඇසුර හා ඔවුන්ගේ අතකොලු බවට පත් නොවිය යුතුයි. එසේ වුවහොත් ප්‍රධානියා විතරක් නොවෙයි, ආයතනයත් විනාශ වෙනවා.

ආයතනයක් දියුණුවෙන්න බලපාන හොඳ ම සාධකයක් කියන්න…

ටීම් එකක නායකයා, අග්‍රගණ්‍යයේ ‘ප්ලේයර්’ කෙනෙක් විය යුතුයි. වයසක අධ්‍යක්ෂවරු මත ම ‍නොයැපී තරුණ ජවය හා තරුණ අදහස් ගන්නත් ඒවා ක්‍රියාත්මක කරන්නත් දක්ෂයෙක් විය යුතුයි. ආයතනයකට බොස්ලා වැඩක් නැහැ. අවශ්‍ය, වැඩදන්න හොඳ නායකයො පමණයි.

මොකක්ද ඔබේ මුල් ම රස්සාව…

හපුගස්තැන්න වතු යායේ ‘ක්‍රීපර්…’. මං සෙල්ලම් කරපු රගර් මැච් බලන්න ජේම්ස් ෆින්ලේ සමාගමේ යුරෝපීය ජාතික, ජෙනරල් මැනේජර් නිතර ආවා. එයා තමයි මට ෆින්ලේස් එන්න ආරාධනා කළේ. මං අවුරුදු හතක් ගත කළේ තේ සහ රබර් එක්ක. ටයිම් කීපින්… ඉංග්ලිෂ්… ඇතුළු බොහෝ දේ ඉගෙන ගත්තෙ දියුණු කරගත්තෙ මගේ ඒ පළවෙනි රස්සාවෙන්.

මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ Turning point එක…

‍ජෝන් කීල්ස් සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වීම. බොස්ටොක් සහ බ්ලැක්ලර් සුදුජාතික මහත්වරුන්ට පස්සෙ සභාපති වුණේ මං. මම ඉල්ලුම් කරලා අාව එකම රස්සාව, ජෝන් කීල්ස් පමණයි. එතැනින් උඩට මං යන්නෙ පර්ෆෝමන්ස්වලින්. මට ම හදාගත්තු වටිනාකම්වලින්. ඒ වටිනාකම්වලට ලැබුණු ආරාධනා මතයි ඉතිරි සෑම දෙය ම සිද්ධ වුණේ.

වෘත්තීය ජීවිතය පුරා ම ඔබ ඉතා සතුටින් වැඩ කළ කෙනෙක්. මොකක්ද රහස…?

කාරණා දෙකක් තියෙනවා. එකක් රෝයල් එකේ ඉගෙන ගැනීම. දෙක රගර් ගැසීම. ඉතා දක්ෂ හොඳ ගුරුවරු යටතේ ඉගෙන ගත්තා. ගෙදර සහ පාසලෙන් ලැබුණු විනය අපිව හොඳ මිනිසුන් කළා. රගර් ගැසීමෙන් ලද පන්නරය දරා ගැනීම, හික්මීම සතුටින් වැඩ කරන්න හේතු වුණා. අනික තමයි, මේ වගේ හොඳ දේවල් එක්ක මං ගොඩනැඟුණු එක. මගේ ස්ටාර් එකත් හොඳ වෙන්න ඇති.

ජෝන් කීල්ස් සමාගමට ඔබ කළ හොඳ ම වෙනස කුමක් ද…

දෙයාකාරයි. එක ‘2020 Team’ එක හදපු එක. අනික ගැහැනු අයව ‘බෝඩ්’ එකට පත් කළ එක. අනුෂියා කුමාරස්වාමි… රජී ගුණවර්ධන වැනි හතර පස් දෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලයට ආවේ ඒ වෙනසෙන්.

ඔබට තවමත් සමාගම්වලින් ආරාධනා ලැබෙනවද…

ඔව්. විදේශීය සමාගම්වලින් පවා. මං ජෝන් කීල්ස් සමාගමෙන් අයින් වුණාට පස්සෙ ඉන්ටර්නැෂනල් කම්පැනි කිහිපයක විධායක නොවන සභාපති, අධ්‍යක්ෂතනතුරුවල හිටියා. තේරුමක් නැහැ. තීන්දු තීරණ ගන්නෙ පිටරට තිබෙන මවු සමාගම. හැබැයි ඉන්නවට අපිට හොඳට ගෙවනවා. වැඩක් නොකර නමට විතරක් පඩියක් අරන් මොකටද… මං ඒ තැන්වලින් අයින් වුණා.

හැබැයි ඔබ හිටපු බොහෝ සමාගම්වල ඔබ ස්වර්ණමය යුගයක් හැදුවා.

එහෙම කළා නම් කළේ යථාර්ථවාදි දර්ශනයක් හරහා පමණයි. ඒකට කණ්ඩායම් හැඟීමෙන් යුතු ප්‍රායෝගික මනුෂ්‍යයෙක් වීම ප්‍රමාණවත්. ඒ හරහා සියල්ල ළඟා කර ගත හැකියි. ඉලක්ක අරමුණු සාක්ෂාත් කර ගත හැකියි.

කොයි තරම් ප්‍රායෝගික වුණත් සභාපතිවරයකුට පතුලට බැසිය හැකි සීමාවක් තිබෙනවා…

ඒ ගැන මං උදාහරණයක් කියන්නම්. එතකොට මං වෝකර්ස් ටුවර්ස් සමාගමේ සභාපති. නිකොමාන් සමාගමේ සංචාරකයො සියලු දෙනාව ම එව්වෙ අපිට. දවසක් මට කෝල් එකක් ආවා එයාර්පෝට් එකෙන්. ‘මෙහෙ ලොකු කලබලයක්. ඔයාලගේ සංචාරකයන්ගෙ බෑග් සංවිධානාත්මකව කට්ටියක් බලෙන් අරන් ගිහින් බස් එකට දාලා සල්ලි ගන්නවා කියලා. මං ගියා එයාර්පෝට්. ඊළඟ ෆ්ලයිට් එකේ ආපු හැම දෙනාගෙ ම බෑග් මම බස් එකට පටවන්න ගත්තා. පහුවැනිදා පත්තරේ මුල් පිටුවෙ ගියා ලොකු පින්තූරයක් ‘වෝකර්ස් සමාගමේ සභාපති, සංචාරකයන්ගේ බෑග් උස්සාගෙන යන අයුරු…’ කියලා. මේ තමයි මගේ විදිය. මගේ පෞරුෂත්වය.

කවුද ඔබට පූර්වාදර්ශ වූ ව්‍යපාර නායකයන්…

හපුගස්තැන්න වතුයායෙදි මට මුණගැහුණු මගේ පළමු බොස්, සේපාල ඉලංගකෝන් මහත්මයා. ඊළඟට ජෝන් කීල්ස් සමාගමේ මාක් බොස්ටොක් සහ ඩේවිඩ් බ්ලැක්ලර් මහත්වරු. ඔවුන්ගේ විශිෂ්ට ගුණාංග. මං මගේ ජීවිතයට ගත්තා වගේ ම මාව අනුගමනය කළ අයගෙ ජීවිතවලටත් ඒ දේවල් කා වැද්දුවා.

ඒ දේවල් ඔබේ ජීවිතයේ හැබෑවටම තිබුණ ද…

ඒ නිසා තමයි, ලංකා බැංකුවෙ, විනිමය හුවමාරු කොමිසමේ සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ විධායක නොවන සභාපතිව හිටි කාලයේ එක සතයක වැටුපක් නොගෙන වැඩ කළේ. එක වෙලාවක චන්ද්‍රිකා ජනාධිපතිතුමිය මගෙන් අහනවා, ‘කෙන් ඔයා මට හරි කරදරයක්. ඔයාට පඩි තුනක් ගෙවනවා. වාහන තුනක් තියෙනවා. සෙකට්‍රීස්ලා තුන්දෙනෙක් ඉන්නවා. මේ මුකුත් ම නොගන්න එක ප්‍රශ්නයක්…’ කියලා. මැඩම්! ඒක මගේ ප්‍රතිපත්තිය. ඒ වගේ ම, මගේ කොන්දේසිය…’ එච්චරයි. මං කිව්වෙ. රාජ්‍ය සේවයට මං, එදා වැඩ කළෙත් නොමිලේ. අද වැඩකරන්නෙත් නොමිලේ.

මොකක්ද, ඔබට ම ආවේණික Management Style එක…

ඒක, විශ්වවිද්‍යාලෙ ගිහින් ලොකු තියරිවලින් ඉගෙන ගත්තු එකක් නෙවෙයි. විශ්වවිද්‍යාලෙ නොගියට ජෝන් කීල්ස් සමාගමේදි මං විසිදාහක් විතර පාලනය කළා. මගේ ක්‍රමය තමයි, පහළ ම සිට උඩට යන කල් හැම සේවකයා එක්ක ම සමීපව වැඩ කිරීම. මගේ ළඟ පංති භේද නැහැ. ‘මහ ජාතිත්’ නැහැ.

ඔබ අනුගමනය කළ සුහදශීලී නායකත්වය හැම විට ම සාර්ථක වුණා ද…

ජෝන් කීල්ස්, සමාගමේදි වගේ ම මං විධායක නොවන සභාපති වෙලා හිටපු ලංකා බැංකුව වගේ රාජ්‍ය ආයතනවලදි පවා බෝඩ් මීටින්වලට පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා. යම් මීටිමකට කවුරු හරි පරක්කු වෙලා එනවා කියන්නෙ එතැන ඉන්න අනිත් අයගෙ විශාල මිනිස් පැය ගණනක් විනාශ කර දැමීමක්. ඒක ආයතනයකට හොඳ තත්වයක් නෙවෙයි.

බ්‍රැන්ඩික්ස් සමාගම, ඔවුන් ගේ නවීන කාර්යාල ගොඩනැඟිල්ල ඔබ වෙනුවෙන් නම් කළා නේද…

ඔව්. ජෝන් කීල්ස් සමාගමෙන් රිටයර් වුණාට පස්සෙ ඔවුන් මට ආරාධනා කළා, බ්‍රැන්ඩික්ස් සභාපති ධුරයට. අවුරුදු දහයක් මං ඔවුන් එක්ක වැඩ කළා. ඒ කාලය පුරා ආයතනය ලැබූ ප්‍රගතිය, දැක්මක් ඇති කණ්ඩායමක් බිහිකිරීම වැනි කාරණා මුල් කරගෙන තමයි ඔවුන් මේ ඇගැයීම කළේ. බ්‍රැන්ඩික්ස් හෙටත් ඉදිරියට යන්නෙ මං හදපු ඒ සමහර සංකල්ප එක්ක. ඒ ගැන මට හරි සතුටුයි.

ළමා කාලෙ ගැන ඔබට තිබෙන හොඳ ම මතකය කියන්න…

පුංචි කාලෙ අපි හිටියෙ කොල්ලුපිටියෙ 25 වැනි ලේන් එකේ පොඩි කුලී ගේක. අපේ ගෙවල් පිටිපස්සට වෙන්න, ඒ කියන්නෙ අද ලිබර්ටි ප්ලාසා එක තියෙන තැන ඔක්කොම තිබුණෙ මුඩුක්කු ගෙවල්. ළමයි ගොඩයි. අපි ඒ ළමයි එක්කත් සෙල්ලම් කළා. තාරවත් දමලා නැති ගුරුපාරක් වෙච්චි ඩුප්ලිකේෂන් පාරෙ තමයි අපි ක්‍රිකට් ගැහුවේ. බයිසිකල් පැද්දෙ. ලිබර්ටි ප්ලාසා පහුකරන හැම වෙලාවක ම ඒ ලස්සන අතීතෙ මට මතක් වෙනවා.

එතකොට ඉස්කෝලෙ ගියේ…

ඩුප්ලිකේෂන් පාරේ ඉඳන් රෝයල් එකට මිනිත්තු පහළොවක දුරක්. අපි හැමදාම ගියේ පයින්. ඉඳහිට රික්ෂෝ එකේ. අපේ ගේ ළඟ තිබුණා ‘ජෝන් ඇන්ඩ් කම්පනි’ ස්ටුඩියෝ එක. ඒකෙ අයිතිකාර මහත්තයයි එයාගෙ පුතයි ඉඳහිට අපිව කාර් එකෙත් දාගෙන ගියා.

එ‍තකොට යාපනෙත් එක්ක තිබුණු සම්බන්ධතාව මොකක්ද…

මං ඉපදුණේ යාපනේ. ඉනුවිල් ඉස්පිරිතාලේ. ආච්චි සීයා එහේ. නංගිව මල්ලිව ලැබෙන්න ඉන්නකොට අම්මා හැම වාරෙකම යාපනේ ගියා. තාත්තා නිවාඩු කාලෙට අපිවත් අරන් තාත්තගේ ‘රේල්වේ වොරන්ට්’ එකෙන් යාපනේ ගියා. ඉතින් මුළු නිවාඩු කාලෙ ම අපි ගත කරන්නේ නෑයන්ගේ ළමයි එක්ක.

ඔබ වගේ කෙනෙක් ළමා කාලෙත් අදක්ෂයෙක් වෙන්න බැහැ…

මං දක්ෂ ව‍ුණේ සෙල්ලම් කරන්න. තාත්තා වැඩට යන්න ලෑස්තිවෙලා පාන්දර හතරහමාරට අපිවත් ‘පඩි… පඩි… පඩි… (පාඩම් කරන්න… පාඩම් කරන්න) කිය කියා කූද්දනවා. මං අනිත් පැත්ත හැරිලා බුදියනවා. ඕ ලෙවල්ස්වලින් මං ක්‍රෙඩිට් පාස් පහක් ගත්තා. හැබැයි මෙඩිකල් කොලේජ් යන්න ම හිතාගෙන ලියපු යුනිවර්සිටි එන්ට්‍රන්ස් ෆේල්.

ළමයෙක් හැටියට ඔබට තිබුණු හීන සහ අරමුණු මොනවද…

අම්මා තාත්තාට ඕනෙ කළේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න. මං ආසා කළේ ශ්‍රී ලංකාවේ ටීම් එකට රගර් ගහන්න. ඒත් ඒක බැරිවුණා. 1957, 58, 59, 60 මුළු කාලෙ ම ඉස්කෝලෙට රගර් ගැහුවා. බ්‍රැඩ්බි කුසලානෙට ට්‍රිනිට් එකත් එක්ක සෙල්ලම් කරපු එකයි, සි‍ලෝන් බාබේරියන්ස් ටීම් එකේ සෙල්ලම් කරපු කාලෙයි තමයි මගේ හොඳ ම කාලෙ. රෝයල් එකෙන් අස් වෙන‍කොට මං රග්බි ටීම් ‍එකේ වයිස් කැප්ටන්.

ජීවිතයේ අරපිරිමැස්ම… අඩුපාඩුකම් කවදාවත් විඳලා තියෙනවද…

‘ජැෆ්නා ටැමිල්’ මිනිස්සුන්ට අරපිරිමැස්ම අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඒක ඔවුන්ගේ ඇ‍ඟේ ම තියෙනවා. නගර සභාවේ රස්සාව කරපු තාත්තගෙ පඩිය රුපියල් හත්සිය පණහයි. ළමයි පස්දෙනෙක්. හිටියෙ කුලී ගේක. අම්මා – තාත්තා දරුවො ඇතුළු හත් දෙනෙක් ජීවත් වුණේ ඒ පඩියෙන්. සරල කෑම් බීම්, සරල ඇඳුම් පැලඳුම්…

අඩුපාඩුකම් දරා ගනිද්දිත් ඔබ එහෙම ම හිතුවද…

කවදාවත් ඒවා ලොකුවට හිතුවෙ නැහැ. එන හැටියට මුහුණ දුන්නා. දවසක් GOH එකේ ලොකු මඟුල් ගෙදරකට අපේ හිතවතකුගෙන් අයියටත් මටත් ආරාධනා ලැබුනා. ඇඳුම් තියෙන්නෙ අයියට විතරයි. මට නැහැ. ඉතින් මොකද කරන්නේ, ඉස්සරවෙලා අයියා ගියා. එයා ගිහින් ගෙදර ආවම ඒ ඇඳුමම ඇඳගෙන මාත් ගියා. අඩුපාඩුකම් ඉදිරියේ අපි ජීවිතේ සමහර දේවල් බෙදා ගත්තෙ එහෙමයි.

ඔබ වගේ කෙනෙක් ඇයි හැමදාම අනුන්ට විතරක් වැඩකළේ…

ෆින්ලේස් හැරුණුකොට ජෝන් කීල්ස්… වෝකර්ස් ටුවර්ස්… චෙව්රෝන් ලුබ්රිකන්ට්ස්, ටුබැකෝ, ඇමරිකන් ටුබැකෝ… බ්‍රැන්ඩික්ස්… මේ හැම තැනකම මං හිටියෙ ඉහළ ම තනතුරුවල. ඔවුන් මට හොඳට ගෙව්වා. මාව බලා ගත්තා. මං රටවල් තිහ හතළියකට ගියා. ගුවන් යානයක ගියත් ඒ පළවෙනි පංතියේ. මං හුඟක් කැමැති නැව් සංචාරවලට. ඇති තරමට ඒවත් ගියා. ඉතින් වෙන මොනවද… මට කවදාවත් හිතුණෙ නැහැ, මගේ ම බිස්නස් එකක් කරන්න.

කෝ ඔබ තුළ හිටි ක්‍රීඩකයා…

තව ම ඉන්නවා. සතියකට දෙපාරක් ගොල්ෆ් සෙල්ලම් කරන්නෙ, තුන් හතර දවසක් ජිම් යන්නෙ ඒ ක්‍රීඩකයා ම තමයි. වයස 76යි. ඒ වුණාට මට එහෙම හිතෙන් නෑ. දැනෙන්නෙත් නැහැ. මගේ වයිෆ්ට ඕනෙ දැන් මට යෝගා කරවන්නත්.

බිරිය ඔබට හුඟක් ආදරේ හැඩයි…

ඔව්. ඔව්. එයා මට මුණගැහුණෙ හපුගස්තැන්න වත්තෙ වැඩකරන කාලෙ. එයා රත්නපුර හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් විදියට වැඩ කළා. එයාගෙ නම ස්වෛරී. සිංහල බෞද්ධ. මං දෙමළ හින්දු. අපි මුණ ගැහුණා. ආදරේ කළා. කෝවිලේදි පෝරුවේදි විවාහ වුණා. දරුවො ලැබුණට පස්සෙ එයා වෛද්‍ය වෘත්තිය අත්හැරියා.

ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරනවද…

මම නෙවෙයි අම්මලා හුඟක් විශ්වාස කළා. මගේ ලග්නෙ ධනු. අවුරුදු 81 දි මං මැරෙනවා කියලයි සාස්තරකාරයො කියලා තියෙන්නෙ. මං ඉතින් දැන් බලාගෙන ඉන්නවා. (හිනැහෙමින්)

තාත්තෙක් හැටියටත් ඔබ සාර්ථකයි කියලා හිතෙනවද…

ක්‍රිෂාන් බාලේන්ද්‍ර මගේ පුතා ජෝන් කීල්ස් සමූහයේ විධායක අධ්‍යක්ෂවරයෙක්. නටාෂා බාලේන්ද්‍ර මගේ දුව. ළමා රක්ෂණ අධිකාරියේ. මේ දෙන්නගේ ළමයින් පස් දෙනා තමයි දැන් මගේ යාළුවෝ. මහා තක්කඩි රැලක් (හිනැහෙමින්). මට නටන්න… සිංදු කියන්න…. දුවන්න… හැංගෙන්න, සෙල්ලම් කරන්න ඇති තරම් අවස්ථා තියෙනවා මේ පස්දෙනාගෙ කල්ලිය නිසා.

 

නායකයා වෙනස් වෙයි. අමුතු වෙනසක් සිදුවෙයි – ශාරුක්ට ඇඩේයි !

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ දිනයේ තරගය පැවැත් වුනේ ශාරුක් ඛාන්ගේ හිමිකාරිත්වය ඇති කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම අතරයි.

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු ගවුතම් ගාම්බීර් තමන්ට ඇති පීඩනය නිසාවෙන් නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම කණ්ඩායමේ නායකත්වය හිමි වුණේ ෂෙයාර්ස් අයියර්ටයි.

ෂෙයාර්ස් අයියර් මේ තරගයේදි ශාරුක් ඛාන්ගේ පිලට අමතක නොවන ප්‍රහාරත්මක පිතිහරඹයකින් තමන්ගේ උපරිම දක්ෂතාවය ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ෂෙයාර්ස් අයිය්ර් පන්දු 40කදී සුපිරි හයේ පහර 10ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 93ක් ලබාගැනීමට සමත් වුණා.

මේ තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 219ක් රුස්කර ගත්තා.

අනතුරුව පිටියට පැමිණි ශාරුක් ඛාන්ගේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පිතිකරුවන්ට පන්දුවාර 20 තුළ කඩුළු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 164ක් පමණයි.

ඒ අනුව දිල්ලි කණ්ඩායමට ලකුණු 55ක ජයක් හිමිවුණා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් බලන්න.

 

අලුත් මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන හැටි ඇමතිවරයෙක් හෙලිකරයි කවුද මන්ත්‍රීවරිය බලන්නකො

අලුතින් හඳුන්වාදුන් පළාත් පාළන මැතිවරණ ක්‍රමය නිසා පළාත් පාලන ආයතන වලට පත්වූ මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන අශීලාචාර ක්‍රමයක් රටතුල නිර්මාණය වී ඇති බව පාලිත රංගෙ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

මේ වන විට මන්ත්‍රීවරියන්ට ඇති ඉල්ලුම වැඩි වී ඇති බවත්, සමහර උදවිය වැඩකටයුතු කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට කතා නොකරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. එසේම අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම තත්වය වර්තමානය වන විට ලිංගික අල්ලසක් බවට පත්ව ඇති බවයි.

 

ලයිසන් ගන්න හිතන් ඉන්න අයට දුක හිතෙන ආරන්චියක් ලබන මැයි 01දා සිට ලයිසන් ගන්න අලුත් ක්‍රමයක් හැමෝටම ලයිසන් ගන්න බැරිවෙයි වගේ

මෙහිදී පරිගණකයෙන් ලබාදෙන ප්‍රශ්න පත්‍රයට නිවැරදි පිළිතුරු පරිගණකය ආධාරයෙන්ම සැපයිය යුතු වේ. පැයක්‌ ඇතුළත පිළිතුරු සැපයූ අයෑදුම්කරුට එම අවස්‌ථාවේම ප්‍රතිඵල වාර්තාවක්‌ පරිගණකයෙන් නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුවේ පෙරේදා (09දා) පැවැති මාධ්‍ය හමුවකදී කොමසාරිස්‌ ජනරාල්වරයා කියා සිටියේය.

මේ වනවිට වැඩ කරන දින පහ ඇතුළත එක්‌ දිනකදී අයෑදුම්කරුවන් 600 ක්‌ පමණ ලිත පරීක්‌ෂණයට ඉදිරිපත් වන බවත් එය පරිගණක ඇසුරින් සිදු කිරීමේදී දිනකට 1000 කට පමණ සේවාවන් සැපයීමට අපේක්‌ෂා කර ඇති බවත් හෙතෙම කීය. නව ක්‍රමය අනුව අපේක්‌ෂකයාට හැකි වේලාවක (වැඩ කරන) පැමිණ පිළිතුර ලබාදීමට හැකි වේ.

ලිඛිත පරීක්‌ෂණයට යොදා ගන්නා ප්‍රශ්න පත්‍ර 4 ම ඇතුළත් ප්‍රශ්න පත්‍ර පරිගණකයට පිළිතුරු සැපයීමට සඳහා මේ වනවිට අඩංගු කර තිබෙන බවත් නව ප්‍රශ්න පත්‍රයක්‌ හඳුන්වා දීමට රියෑදුරු පාසල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම කීය.

මෙහි ප්‍රථම පියවර වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ කාර්යාලයේ ආරම්භ කර දෙවැනි පියවර ලෙස දිවයින පුරා පිහිටා ඇති ඔන් ලයින් සේවාව සහිත කුරුණෑගල, ගම්පහ, හම්බන්තොට, අනුරාධපුර ඇතුළු කාර්යාල 08 තුළ මෙය ආරම්භ කරන බවද ඒ මහතා පැවසීය. මෙම ව්‍යාපෘතිය 2020 වනවිට මුළු දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපේක්‌ෂා කරයි.

ඉස්සෝ කන්නෙ පරිස්සමින් “වනමි” ඉස්සන්ගේ රෝගකාරකයා එකපාරට නැති උනේ කොහොමද ඇත්ත හෙලිවෙයි හැමෝටම ශෙයා කරලා දැනුවත් කරන්න

ලෙඩ රෝග බෝවන බව පැවසෙන නීතිවිරෝධිව මෙරටට ගෙන්වා ඇති ඉස්සන්ගේ ගැටළුව විසදීම සඳහා මැදිහත්වී කටයුතු කිරීමට වයඹ පළාත් ධීවර අමාත්‍යංශය එකඟතාවකට පැමිණ තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන ඒකකයේ නිලධාරින් හා වයඹ පළාත් ධීවර අමාත්‍ය සුමල් තිසේරා අතර පැවති හමුවකින් අනතුරුවයි. නීති විරෝධීව මෙරටට ගෙන්වා ඇති “වනමි” නමැති මෙම ඉස්සන් බොහෝවිට බෝ කිරීම සිදුවන්නේ පුත්තලම ඇතුළු වයඹ පළාතේ බවයි පැවසෙන්නේ.

මෙම ඉස්සන් බෝ කිරීම හරහා මෙරට දැනට ක්‍රියාත්මක ඉස්සන් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වන බව කර්මාන්තයේ නිරත පිරිස් දිගින් දිගටම අවධාරණය කරනවා. වර්තමානයේ උද්ගතව ඇති ගැටළුව සම්බන්ධයෙන් වයඹ පළාත් ධීවර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු මොනවාදැයි ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන ඒකකයේ උපලේකම් නිමල් පතිරණගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

ලෙඩ රෝග ව්‍යාප්තවන බවට පැවසෙන මෙම ඉස්සන් විශේෂය සම්බන්ධයෙන් නෙත් නිවුස් නාරා ආයතනයෙන්ද විමසීමක් කළා. එම ආයතනයේ සභාපති ආචාර්ය අනිල් ප්‍රේමරන්ත සඳහන් කළේ මෙම ඉස්සන් වගා කිරීමෙන් ගැටළු රැසක් ඇති විය හැකි බවයි.

කෙසේ වෙතත් ආනයනය කිරීම තහනම් කරන ලෙස ඉල්ලා සිටි “වනමි” නමැති මව් ඉස්සන් තොගයක් ඉකුත් සති අන්තයේ මෙරටට ගෙනවිත් ඇති බව පුත්තලම දිස්ත්‍රික් ඉස්සන් වගාකරුවන්ගේ සංවර්ධන සන්ධානය ප්‍රකාශ කළා. කිසිදු නිරෝධායන කටයුත්තකින් තොරව ගෙනඑන මෙම මව් ඉස්සන් තොගය වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේදී පැටවුන් බිහි කිරීම සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති බවයි ඔවුන් කියා සිටියේ.

අනතුරු ඇගවීම් නිවේදනය ඔබේ ගිනුමටත් ඇවිත්ද? ඔබේ ගිනිමේ දත්තත් සොරකම් කරලද? මෙන්න අදම බලන්න යාලුවනටත් ශෙයා කරන්න

කේම්බ්‍රිජ් ඇනලටික් දත්ත විශ්ලේශකයින් විසින් නිතිවිරෝධිව එක් රැස්කල මිලියන 87ක් වන ෆේස්බුක් ගිණුම් අතර තමාගේ ගිණුමද ඇතුලත්ද යන්න ගැන සොයා ගත හැකි බවට ෆේස්බුක් සමාගම පවසනවා.

ඒ අනුව සියළුම ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ දත්ත නිතිවිරෝධිව පරිශිලනය කර ඇත්ද යන්න ගැන දන්වා නිවේදන දෙකක් ඔවුන්ගේ ගිණුම් වලට යැවිමට ෆේස්බුක් සමාගම කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ෆේස්බුක් ගිණුම් හිමියන් සිය ගිණුම හරහා භාවිත කරන යෙදුම් මොනවාද? එම යෙදුම් මගින් එක් රැස් කරනු ලබන දත්ත මොනවාද යන්න ගැන තොරතුරුද පෙන්වනු ඇත.

මේ අතර පසුගියදා ” Cubeyou” නම් තවත් දත්ත විශ්ලේශක සමාගමක් අත්හිටුවිමට ෆේස්බුක් සමාගම පියවර ගනු ලැබු අතර එයට හේතුව වුයේ කේම්බ්‍ර්ජ් සරසවිය සමග එක්ව අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රැස් කරනු ලබන ගිණුම් හිමියන්ගේ දත්ත වාණිජ පරමාර්ථයෙන් සඳහා යොදා ගන්නා බවට ඇතිවු සැකයක් හේතුවෙනි.

කෙසේ නමුත් “Cubeyou” නම් දත්ත විශ්ලේශක සමාගමේ කටයුතු පිළිබදව ෆේස්බුක් සමාගම මේ වන විට විමර්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

වායුගෝලයේ කැළබේයි කාලගුන දෙපාර්තමේන්තුව අනතුරු අගවයි හැමෝවම දැනුවත් කරන්න ශෙයා කරන්න

දිවයිනට ආශ්‍රිතව ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාව හේතුවෙන් වැසි තත්වයේ වැඩි වීමක් අද (07) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තනමේන්තුව සඳහන් කරනවා.

දකුණ, ඌව, නැගෙනහිර, සබරගමුව පළාත් වලටත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන් වලට අද දිනයේ වැසි ඇති වන අතර සමහර ස්ථාන වලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරනවා.

විශේෂයෙන් නැගෙනහිර, ගිනිකොණ සහ දකුණු මුහුදු ප්‍රදේශවල හා මඩකලපුව සිට හම්බන්තොට සහ ගාල්ල හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනු ලබනවා.

සුළගේ වේගය පැයට කිලෝමීටර් 70-80 ත් අතර ගන්නා අතර ඒ හේතුවෙන් ඉහත මුහුදු කලාපයන් රළු සොභාවයක් ගන්නා අතර ධිවර හා නාවික ප්‍රජාවට මේ නිසා සැලකිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

කොල්ලො කෙල්ලේ බීච්වල වැටකේ පදෙරු අස්සෙ පාක් වල ලවු කරන්නේ බලන්න මේක බැලුවම ඔබේ ඇග හිරි වැටිලායයි

අදරේ කරන කාලේ කොල්ලො කෙල්ල්ලො කතා කර කර ඉන්න මේ වගේ තැන්වලට යනවා ගිහින් ඉතිඔන් වෙනදෙවල් දන්නවා නේ එවා බලන්න ඉන්න අමුතුම පිරි සක් මෙන්න බලන්නකො වැටකේ පදෙරු අස්සෙ හැන්ගිලා කරනදේ කොල්ලො කෙල්ලේ බීච්වල වැටකේ පදෙරු අස්සෙ පාක් වල ලවු කරන්නේ බලන්න මේක බැලුවම ඔබේ ඇග හිරි වැටිලායයි

යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලොක්කෙක් කුරුඳුවත්ත ට්‍රැෆික් ඕ.අයි.සී.ට මරණ තර්ජන මෙන්න විස්තරේ

යතුරුපැදිකරුවන්ගේ සංගමයේ නිලධාරියෙක් යැයි කියන පුද්ගලයකු කුරුඳුවත්ත ‍පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ඊයේ (05) දුරකථනයෙන් කළා යැයි කියන තර්ජනයක් සම්බන්ධව පුළුල් ‍පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අධිවේගී යතුරුපැදි නීතියේ රැහැනට හසුකර ගැනීමත් සමග එම තර්ජන එල්ල වී ඇති බව අනාවරණය කෙරිණි.

“තමුසෙලා තියන්නෙ නැහැ. මරලා ගහේ එල්ලනවා.” යැයි තමාට තර්ජනය කළ බව රථවාහන අංශ ස්ථානාධිපති ඉන්දික කුමාර මහතා සිය උසස් නිලධාරීන්ට පැමිණිලි කර ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

යතුරුපැදිකරුවන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බැවින් ඒ සම්බන්ධව තමන් කිසිදු තර්ජනයක් නොකළ බවත් යතුරුපැදි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ පැවසීය.

දෙලක්ෂ පනස්දහසකට වඩා සාමාජිකයන් සිටින තම සංගමයේ යතුරුපැදිකරුවන්ට මේ දිනවල දිගින් දිගටම ‍පොලිසිය මගින් නොයෙක් අකටයුතුකම් සිදුවන බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගෙන් නිසි පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටින බවද අමරසිංහ මහතා අවධාරණය කළේය.