ඔබ සාමන්යෙන් ඇලුමිනියම් කඩදාසි හදුනාගෙන ඇත්තේ ආහාර පිසීමේදී භාවිතා කරන්නක් ලෙසිනි

.නමුත් ඔබට අදහාගත නොහැකි ප්‍රයෝජන අමගින් ඔබට ලබාගන්නට පුළුවන්.දිගටම රැදී සිටියොත් ඒ සියල්ලම ඔබට වැදගත් වන බව පෙනී යාවි.
01)රෙදි සෝදා අවසානයේ රෙදි එකිනෙක ඇලවීම වැලැක්වීම
රෙදි සෝදා අවසාන වන විට ඒවා එකිනෙක වෙන් කිරීම ඉතා අපහසු බව ඔබ හොදින්ම දන්නා කරුණක්.නමුත් මෙම ඇලුමිනියම් කඩදාසි මගින් එයට විසදුමක් අද අප ලබා දෙන්නටයි යන්නේ.ඇලුමිනියම් කඩදාසි කිහිපයක් ගෙන එය අගල් 2,3ක් විශ්කම්භයක් ඇති පරිදි බෝල 3ක් සාදාගන්න.රෙදි සෝදන යන්ත්‍රයට රෙදිත් සමගින් එම බෝල එකතුකරන්න.එවිට මෙම ඇලුමිනියම් බෝල සමග රෙදි ඇතිල්ලෙන විට නිපදවෙන ධන සහ සෘණ ආරෝපණ ඉවත් කරනු ඇති.එමෙන්ම අවසානයේදී රෙදි හොදින් වියලී තිබෙනු දැකගත හැකි වේවි.
02)වේගවත්ව ඇදුම් මැදගැනීම
එක රැල්ලක් හෝ නොසිටින පරිදි ඇදුම් මැදීම සැබවින්ම අපහසුයි.ඒ සඳහා ඔබට ඇලුමිනියම් කඩදාසි මගින් අපුරු ක්‍රමයක් යොදාගත හැකියි.අවශ්‍ය රෙදි කඩට පහලින් ඇලුමිනියම් කඩදාසියක් තබන්න.ඔබ ඉස්ත්‍රික්කය උඩින් ගෙන යන විට පහලින් ඇති ඇලුමිනියම් කඩදාසිය රත් වී ඇදුම දෙපසින්ම මැද දෙවි.
03)අපහසු ගෘහ භාණ්ඩ චලනය කිරීමට
නිවසේ ඇති ගෘහභාණ්ඩ එක තැනකින් තවත් තැනකට ගෙන යාමට සමහර විට 2,3 දෙනෙකුගේ වත් සහය අවශ්‍ය වනවා ඇති.නමුත් එම ගෘහ භාණ්ඩ වල කකුල් වලට ඇලුමිනියම් කඩදාසියක් තැබීමෙන් ඔබට එය ඉතා පහසුවෙන් ගෙන යා හැකියි.
04)බැටරි රදවනයක ක්‍රියාකාරිත්වය නැවත ලබා ගැනීමට
සමහර අවස්ථා වලදී ඔබේ අලුත බැටරි දැමු රූපවාහිනි දුරස්ථ පාලකය අක්‍රීය වීමෙන් ඔබට තරහා යන අවස්ථා ඇති.එයට හේතුව වන්නේ එහි බැටරි රදවනයේ ස්ප්‍රින් වල ඇති වන ලිහිල් බව හේතුවෙනි.නමුත් ඔබට පෙනෙන පරිදි අවශ්‍ය ස්ථානයට ඇලුමිනියම් කඩදාසි කැබැල්ලක් කුඩාවට නමා ඇතුල් කිරීමෙන් එයට පිලියමක් යොදා ගන්නට පුළුවන්.
05)මොට වු කතුරු මුවහත් කිරීමට
මෙය බොහෝ දෙනා මුහුණ දෙන ගැටළුවක් වනවා.එවිට කතුර ඉවත දැමිය යුතු නැහැ.ඇලුමිනියම් කඩදාසියක් කිහිපවරක් නමා එය මොට වූ කතුරෙන් මද වෙලාවක් කපන්න.තලය තියුණු වී කතුර පෙර පරිදිම කැපෙවී.
06)කෘමින් පලවා හැරීමට
ඇලුමිනියම් කඩදාසියක් පොඩිවට කපා ගෙවත්ත පුරා විසුරවන්න.එය අහිතකර කෘමින්ව පලවා හැරීමට උපකාරී වේවි.
07)ඔබම සාදා ගත් කේක් තැටියක්
බොහෝ අවස්ථා වලදී ඔබට අවශ්‍ය හැඩයේ කේක් එක සාදාගැනීමට අවශ්‍ය තැටිය ඔබට හමු නොවිය හැකියි.නමුත් ඇලුමිනියම් කඩදාසියක් අවශ්‍ය පරිදි නමා එය සාදා ගැනීමට අද සිට පුරුදු වන්න.
08)ආහාර පිළිස්සීම වලක්වා ගැනීමට
සමහර අවස්ථා වලදී උදුන මත තබා ඇති ආහාර වේල පිලිස්සී යාම වලක්වා ගන්නට නොහැකියි.නමුත් ඔබ ආහාර පිසින බදුන පතුලට ඇලුමිනියම් කඩදාසියක් එලීමෙන් එම තත්වයෙන් මිදීමට ඔබට හැකි වනවා.
09)බෑගයක් සීල් කරගැනීමට
Ziplock බෑගයක් හෝ සීල් කරනා උපකරණයක් නොමැති විට ඔබට ආහාර ගබඩා කිරීමට නොහැකිව කල්පනා කිරීමට සිදුවී ඇති.නමුත් එයට සරල විසදුමක් අප ලබා දෙන්නම්.ඇලුමිනියම් කඩදාසියක් ගෙන පොලිතින් බෑගයේ කට ආවරණය වන පරිදි තබා ඉස්ත්රික්කයෙන් මද වේලාවක් රත් කරන්න.ඇතුලින් ඇති පොලිතින් උරය උණු වී එය හොදින් සීල් වේවි.
10)කදවුරු බැදීමේදී වැඩ පහසු කරගැනීමට
ඇලුමිනියම් කඩදාසියක් භාවිතා කිරීමෙන් ඔබට කදවුරු බැදීමේදී ගෙන යායුතු භාණ්ඩ ප්‍රමාණය අඩු කරගන්නට පුළුවනි.ඔබට මේ පෙනෙන පරිදි එය අවශ්‍ය හැඩය එන පරිදි සකසා අවශ්‍ය ආහාරය පිසීමයි ඔබ කල යුත්තේ.එය ඔබට සැබෑ කදවුරු අත්දැකීමක් ගෙන දේවි.
11)සතුන්ගෙන් ගෘහ භාණ්ඩ ආරක්ෂා කර ගැනීමට
ඔබේ සුරතල් සත්වයා විසින් බොහෝ විට නිවසේ ගෘහ භාණ්ඩ වලට හානි කරනවා ඇති.ඔබට ඇලුමිනියම් කඩදාසියක් භාවිතා කර ඔවුන්ව එයින් ඈත් කල හැකියි.ගෘහ භාණ්ඩය ආවරණය වන පරිදි කිහිප දිනක් යනතුරු ඇලුමිනියම් කඩදාසියකින් ඔතන්න.දැන් සුරතල් බලලා එහි ලං වන විට ඇතිවන ර්වනයට සහ ශබ්දයට අකමැති වේවි.
12)Wifi වල වේගය වැඩි කරගැනීමට
ත්‍රිකෝණාකාර කාඩ්බෝඩ් කැබැල්ලක් ඇලුමිනියම් කඩදාසියකින් ඔතන්න.එය ඔබේ Wifi රවුටරයේ පිටුපසින් තබන්න.දැන් වෙනදාටත් වඩා හොදින් එයට සංඥා ලැබේවි.එසේම ඔබ තෝරාගත් දිශාවට එය පරාර්වතනය කර දේවි.

ඉන්දුනීසියාව සෙලවෙයි 6.5 භූචලනයක් සුනාමි අන්තුරු අගවයිද මෙන්න විස්තරේ

ඉන්දුනීසියාවට අද (26) අලුයම දරුණු භූ කම්පනයක් ඇති වී තිබෙන බව ජාත්‍යන්තර සුනාමි අනතුරු ඇඟවුම් මධ්‍යස්ථානය පවසනවා. මෙම කම්පනය හේතුවෙන් ඉන්දුනීසියාවේ ජනතාව භීතියට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මැග්නිටියුඩ් 6.4 ක් ලෙස මෙම භු කම්පනය සටහන් වී ඇති බව සඳහන් වන අතර කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳව නිල නිවෙදනයක් සිදුකළ නොහැකි බවයි ජාත්‍යන්තර සුනාමි අනතුරු ඇඟවුම් මධ්‍යස්ථානය කියා සිටියේ.

ඉන්දුනීසියාවේ ටානිමර් දිවයිනට ආසන්නේ පිහිටි සම්ලකි නම් ප්‍රදේශයේ වූ මුහුදට වයඹ දෙසට කිලෝමීටර 382 ඈතින් මෙම චලනය හටගෙන ඇති බවයි අමෙරිකානු භුචලන මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

භූ කම්පනය අලුයම් කාලයේ හට ගැනීමත් නිසා සහන කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් දැනටමත් ගුවන් මගින් අව්‍යශ සහන කණ්ඩායම් එම ප්‍රදේශ කරා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් විස්සෙ පොතක් නිසා වටිනා ජීවිතයක් බේරුන හැටි මෙන්න වතුරට බැහැලා ඉන්නකොට මට දැනුණා දණහිසට පහළින් කවුද තද කරලා අල්ලනවා වගේ

මිනීමරු කිඹුලන්ගේ ග්‍රහණයට ලක්ව විනාශ වුනු වටිනා ජීවිත ඕනෑ තරම්.පසුගිය දවසකත් ඒ වගේම සිදූවීමක් වුනේ බොල්ගොඩ ගඟේ කහ‍පොළ ඉඳිගහ තොටු‍පොළේදී. ජීවිතයත් මරණයත් අතර දැවැන්ත සටනක යෙදිමින් ජීවිතය බේරා ගත් ඔහු පසුව කකුලක් අහිමිව දකුණු කොළඹ ශික්ෂණ රෝහ‍ලට ඇතුලත් කර තිබෙනවා.

මෙහිදී තමන් මුහුණ දුන් බිහිසුනු අත්දැකීම ප්‍රකාශකලේ මෙලෙසින්.

‘තොටු‍පොළේ වතුරට බැහැලා ඉන්නකොට මට දැනුණා දණහිසට පහළින් කවුද තද කරලා අල්ලනවා වගේ. අතගාලා බලනකොට කිඹුලෙක් බව දැනගත්තා. මට මතක් වුණා රුපියල් විස්සකට පේමන්ට් එකෙන් ගෙනාපු ‍පොතක තිබුණු කිඹුලන්ගෙන් බේරෙන ක්‍රමයක්. ඒ අනුව මම මහපට ඇඟිලි දෙකෙන් කිඹුලාගේා ඇස් දෙක තද කරගෙන හිටියා. ටික වේලාවකින් කකුල බුරුල් වුණා. කැඩිච්ච කකුලත් ඇදගෙන බොහොම අමාරුවෙන්  ගං ඉවුරට ඇදී ආවා.’

දිවි බේරාගෙන ගොඩට පැමිණි ඔහු දුරකතන ඇමතුමක් මාර්ගයෙන් මේ පිළිබඳව නිවැසියන්ට දන්වා තිබෙනවා. ඉන් අනතුරුවයි මෙම පුද්ගලයා රෝහලට ඇතුලත් කර තිබෙන්නේ. මෙසේ අනතුරට පත් පුද්ගලයාගේ පුතෙකු මෙම අනතුර සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ කලා.

‘රෑ දහය හමාරට විතර අපි තොටු‍පොළට ගියා. කකුලෙන් ‍ලේ පෙරාගෙන තාත්තා බිම වාඩිවෙලා හිටියා. තාත්තා පණිවිඩය එවා තිබුණේ ඇඟිල්ලක් කැඩිලා කියලා. යාළුවකුගේ වාහනයක තාත්තා නංවාගෙන යන ගමන් 1990ට කතා කරලා ගිලන් රථයක් ගෙන්වාගෙන එමගින් කළුබෝවිල රෝහලට ආවා. ඒ වෙලාවේ වෛද්‍යවරු ගොඩක් ඇවිත් ප්‍රතිකාර කළා. පසුදින සැත්කමකටත් භාජනය කළා. නමුත් දැන් ප්‍රශ්නෙකට තියෙන්නේ කිඹුලන් ගැනයි. අපි නාන තොටු‍පොළවල මත්ස්‍යයන් ගානට කිඹුල් පැටව් ඉන්නවා. මේ ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.’

අනතුරට මුහුණ පෑ නීල් පෙරේරා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙසද කියා සිටියා.

‘ඉක්මනින්ම මට ප්‍රතිකාර ලැබුණු නිසා කකුල අහිමි වුණත් ජීවිතය බේරීම ගැන සතුටුයි. මට හිතෙනවා මේ වෛද්‍යවරු දෙවිවරුයි කියලා. මට මේකෙන් වීරයෙක් වෙන්නවත් ආධාරයක් ලබාගන්නවත් අවශ්‍ය නෑ. මේ තොටු‍පොළවල් ආශ්‍රිතව දහස් ගණනක් විවිධ රැකියාවල යෙදෙන අය ඉන්නවා. දැන් කහ‍පොළ හා ඉදිඟහ තොටු‍පොළ අසල කිඹුල්ලු දහස් ගණනක් සැරිසරනවා. කිඹුල්ලු මරන්න කියලා මම කියන්නේ නැහැ. නමුත් මිනිස් ජීවිත ආරක්ෂා වෙන්න ඕන. ඒ නිසා මේ තොටු‍පොළවල් ආශ්‍රිතව ආරක්ෂිත වැටවල් සකස් කර දෙන ලෙස මා ඉල්ලනවා.’

 

 

ජංගම දුරකතනයේ දත්ත වෙනස්කර කප්පම් ගැනීමක් හැමෝවම දැනුවත් වෙන්න බලන්න නැතිනම් ඔබත් අමාරුවේ හැකි ඉක්මනට හැමෝවම දැනුවත් කරන්න

පරිගණක වල පැතිර ගිය පරිගණක දත්ත නැවත භාවිතා කිරීමට නොහැකි ලෙස සකස් කරන වයිරසය වෙනත් මුහුණුවරකින් මේ දිනවලදී ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතවල පැතිර යන බව පරිඝණක වයිරස පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂකවරුන් පෙන්වා දෙනවා.

Double Locker  නම් රැම්සම්වෙයා වර්ගයේ මෙම වයිරසය අන්තර්ජාලය භාවිතා කරන අතරතුරදී ජංගම දුරකතවල ක්‍රියාත්මක වෙනවා. මෙහිදී ඔබගේ ජංගමදුරකතනය සතු සියළු දත්ත වෙනස් කරන අතර ඒවා නැවත ලබා ගැනීමටනම් ඔවුන්ට කප්පම් මුදලක් ගෙවීමට සිදුවනවා.

ඔබ යම්කිසි වෙබ් අඩවියකට පිවිසෙන විට එම වෙබ් අඩවිය දර්ශනය කිරීමට නොහැකි බව පවසමින් ඇඩෝබි ෆ්ලෑෂ් ප්ලේයරයේ ව්‍යාජ සංස්කරණයක් ඔබගේ දුරකතනයේ ස්ථාපනය කරන පණිවිඩයක් ලැබෙනවා.

එය භාගතකර ස්ථාපන කිරීමෙන් පසු ගූගල් සමාගමේ සේවාවන් භාවිතා කිරීමට අවසර ලබා දෙන මෙන් ඉල්ලා ඔබට තවත් පණිවිඩයක් ලැබෙනවා. එයටද ඔබ අවසර ලබා දුන්නහොත් Double Locker  නම් මෙම වයිරසය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයේ ක්‍රියාත්මක වෙනවා.

මෙම වයිරසය ක්‍රියාත්මක වූ සැනින් ඔබේ ජංගම දුරකතයේ සියළු දත්ත පරිශීලනය කිරීමට නොහැකි තත්වයට පත් වන අතර එම අවස්ථාවේදීම ජංගම දුරකතනයේ මුරපදයද වෙනස් කරනු ලබනවා.

ඉන් අනතුරුව දුරකතනයේ ඇති දත්ත නැවත ලබා ගැනීමටනම් පැය 24 ක් තුල කප්පම් මුදලක් ගෙවන ලෙස ඔවුන් දන්වනවා. මෙම මුදල bic coin නැමති අන්තර්ජාල ගෙවීම් ක්‍රමය හරහා ගෙවීමට සිදුවන නිසා අදාල පුද්ගලයින් කවුරුන්දැයි සොයාගැනීමටද ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

 

එවැනි අවස්ථාවකදී මෙම කප්පම් මුදල ගෙවීම හෝ දත්ත මකා දැමීම හැර වෙනත් විකල්පයක් තවමත් සොයාගෙන නැහැ.

මේ පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත දැක්වූ අදහස් පහතින්.

ඉදිරි පැය 48 තුලත් දිවයිනේ පළාත් රැසකට වෙන්න යනදේ කාලගුණ දේපාර්තමේන්තුවෙන් අනතුරු අගවයි

ඉදිරි දින කිහිපයේ දී ද දිවයිනට පවතින වැසි තත්ත්වය, තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින බවත් ඇතැම් පළාත් වලට තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව කියා සිටියා.විශේෂයෙන් සබරගමුව, බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, වවුනියාව සහ මුලතීව් යන දිස්ත්‍රික්කවලත් තද වැසි අපේක්ෂා කර බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.වැසි පවතින අවස්ථාවල තරමක තද සුළං ද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.